May 18, 2024

කොරෝනා කියලා සැකයි නම් එකපාරට රෝහල්වලට එන්න එපා - GMOA

තමන්ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට යම් පුද්ගලයෙකුට සැකයක් තිබේ නම් වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එසේ දැනුවත් නොකර සෘජුවම රෝහල්වල බාහිර රෝගී අංශ වෙත පැමිණීමෙන් වලකින ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ පෙර දැනුවත් කිරීමකින් තොරව රෝහල් වෙත පැමිණීමෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ටද වෛරසය ආසාදනය වීමේ අවදානමක් මතුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙවැනි අවදානම් සහගත තත්ත්වයක් තුළ වෛද්‍යවරුන්, හෙද-හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කාර්යභාරය අතිශය වැදගත් බව පෙන්වා දෙන හරිත අලුත්ගේ මහතා පවසන්නේ වෛසරය ආසාදනය වී ඔවුන් අකර්මන්‍ය වුවහොත් ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකි බවයි. සෞඛ්‍ය සේවකයන් හිග වුවහොත් කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඒ නිසා සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු දෙනාම වගකීමෙක් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Rate this item
(0 votes)

Related items