May 09, 2024

හිටපු ජනපතිට, ප්‍රසන්න රණතුංග ගමේදී මුහුණට මුහුණ හමු වේ Featured

සිරිසේනට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුහුණට මුහුණ පොළොන්නරුවේදී හමු වීමේ සිද්ධියක් වාර්තා වේ.

ඒ හිටපු ජනපතිවරයාව ප්‍රසිද්ධියේම විවේචනය කිරීමට ආරම්භය ලබා දුන් රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේදී වීමද විශේෂත්වයකි.

එහිදී දේහයට ගෞරව දැක්වීමෙන් පසු දෙදෙනාම එකම කාමරයක් තුළ සිට ඇති අතර ඒ අවස්ථාවේදී හිටපු ජනපතිවරයා රණතුංග මහතා සමඟ වචනයක් දෙකක් කතා කොට එතැනින් නික්ම ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 October 2020 11:07