May 19, 2024

රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක සැරසෙයි

September 12, 2020

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ලබන 21 වනදා සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Rate this item
(0 votes)