May 03, 2024

මැති ඇමැතීන්ට අගමැති මහින්දගෙන් නියෝගයක්

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සභා​වේ අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතු බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී අගමැතිරයා මෙම දැනුම් දීම කර ඇත.

ඉකුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වැඩිදෙනකු පාර්ලිමේන්තුවේ නොසිටි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පවා ඔවුන් පිළිතුරු නොදුන් බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

මේ පාර්ලිමේන්තුවේදී එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ දිය නොහැකි බව අගමැතිවරයා දැඩිව අවධාරණය කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 August 2020 13:05