May 17, 2024

'තානාපතිට පහරදීම රජයට පහරදීමක්' - මහින්දගෙන් ප්‍රකාශයක් (VIDEO)

මැලේසියාවේ තානාපතිවරයාට එල්ල කළ ප්‍රහාරය මෙරට රජයට එල්ල කළ ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූයේ සිය මැලේසියානු සංචාරය නිමවා නැවත ඊයේ (05) ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම සිද්ධිය රටට හොඳ නැති බවත් ඇමතිවරයෙකු ගුවන්තොටුපොලට බැස්සවීම සඳහා පැමිණි අවස්ථාවක තානාපතිවරයාට මෙම සිද්ධියට මුහුණදීමට සිදු වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මැලේසියාවේ පැවැත්වුණු ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ පැමිණි බව වාර්තාවේ. 

එරට ආරක්ෂක නිලධාරීන් මෝටර් රථයකින් හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිත වූ ගුවන් යානය වෙත ඔහුව රැගෙන ගොස් ඇත. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරු 10.30ට දිවයිනට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපළින් පිටතට පැමිණියේ සාමාන්‍ය මගීන් පැමිණෙන පර්යන්තයෙන් වීම විශේෂත්වයකි. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 September 2016 10:35

Related items