May 17, 2024

'මගේ ගමන නවත්වන්නේ නෑ' - මහින්ද මැලේසියාවේදී කියයි (VIDEO)

 

ආසියානු දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීමට ඉකුත් 01වැනිදා මැලේසියාවට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පාමින් එරට වෙසෙන කොටි දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් එක්ව ක්වාලාලම්පූර් නුවරදී විරෝධතා රැසක් සංවිධානය කර තිබිණි.

මේ අතර හිටපු ජනපතිවරයා සෙනසුරාදා (03) ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතව තිබූ එරට අගනුවර පිහිටි සෙන්තුල් බෞද්ධ විහාරයට ද ඔවුහු ප‍්‍රහාරයක් එල්ල කළහ.

කෙසේවෙතත් මැලේසියාවේ ක්වලාල්ම්පුර් නගරයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් හමුවීමටද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කලේ කොටි තවමත් තමාගේ පසුපස එලවන බවත් මැලේසියාවට එනවිටත් මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ තිබෙන බව තමා දැනගෙන සිටි බවත්ය.

“කොටි විරුද්ධ වුණා කියලා මගේ ගමන නවත්වන්න බෑනේ“ යැයි හෙතෙම පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)

Related items