May 17, 2024

පාද යාත්‍රාවට මහින්ද එයි

ගැටඹේ සිට අද (28) පෙරවරු 9.55 ට පමණ ආරම්භ වීමට තිබු ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පටන්ගෙන නොතිබූ බව වාර්තා වේ. 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එහි පැමිණියේය.

ගලහ හන්දියේ දී ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් රැස්වී  සිටින අතර පොලිස් ආරක්ෂාව තරකර ඇත. කොළඹ - මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාගමන මහනුවර නගර සීමාවෙන් පිටත ආරම්භ කළ යුතු යැයි අධිකරණ නියෝගයක් පනවා ඇති හෙයින් නගර සීමාව අවසන් වන පේරාදෙණිය පාලමට එපිටින් පාගමන ඇරඹිය යුතු යැයි පේරාදෙණිය පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 July 2016 11:16

Related items