May 17, 2024

මහින්දගෙන් මෛත්‍රි පිලේ ශාන්ට ඇරයුමක්

අප සමග එකතු වී අපේ සටන ජය ගැනීමට සහාය දෙන ලෙස ශාන් විජේලාල්ට ආරාධනා කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කරන්න හදනවා. ඒ සමගම රටත් දෙකට කරන්න යනවා. කවුරුන් හිරේ දැම්මත් අපි මේ රජයට එරෙහි සටන අත් හරින්නේ නැහැ. ආණ්ඩුව අපෙන් පළි ගන්නවා. හොරු නඩු දානවා. ශාන් විජේලාල්ටත් කියන්නේ අප සමග එකතු වී අපේ සටන ජය ගැනීමට සහාය දෙන්න කියලා“ යැයි මහින්ද රාජපක්ෂ පැවසී ය.

මේ අතර දකුණු පළාතේ හිටපු මහ ඇමති ශාල් විජේලාල් මහතා පසුගියදා පැවති උත්සවයකදී මෙලෙස අදහස් පල කළේය.

“ක්‍රිෂ් සමාගමෙන් නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 70 ක් ගත් බවට නඩු දාලා. ඒක පළිගැනීමක්ලු. මොකද්ද මේ පළී ගැනීම. සොරකමට දූෂණයට විරුද්ධව ආණ්ඩුව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් උසාවියට ඉදිරිපත් කිරීම පළිගැනීමක්ලු. මේක හරි වැඩක්නේ. එය පළී ගැනීමක් වෙන්නේ කොහොමද?“

 

Rate this item
(1 Vote)

Related items