May 17, 2024

නාමල් බලන්න ගිය මහින්ද කළ ප්‍රකාශය (VIDEO)

ඊයේ (11) දහවල් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ තම පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගියේය.

රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඊයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි නාමල් රාජපක්ෂ මහතාව ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඉන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ වර්තමාන ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මකවන්නේ එක් පාර්ශවයකට පමණක් බවයි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් වෙත අදහස් පළකරමින්, “ මට අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා. එච්චරයි අහන්න තියෙන්නේ”යි සිනාමුසු මුහුණින් ප්‍රකාශ කළේය.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 July 2016 09:28

Related items