May 17, 2024

රවීගෙන් මහින්දට අභියෝගයක්

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඇමතිවරයා කියාසිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය පිළිබඳව අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (05) තොටළඟ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාව මත පැවරී ඇති බදු බර රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් ඇතුළත ඉවත් කිරීමට හැකිවනු ඇති බවත් ඒ සඳහා රජය නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 July 2016 16:59

Related items