May 17, 2024

‘කලාකරුවන්ටත් යහපාලනය එපා වෙලා’ - මහින්ද (VIDEO)

තම පාලනය පෙරලීමට කටයුතු කළ කලාකරුවන්ට ද මේ වනවිට යහපාලනය එපා වී ඇති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) ඇඹිලිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක දී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ රාජපක්ෂ මහතා, "මේ නාට්‍යකරුවන්ටත් දැන් තේරෙන්න පටන් අරං. අපි කියන්නේ ඒක හොඳයි. ඒත් මේ අයට තේරෙන්න ඕන, ජනතාවට කරපු අපරාධය. මේ රටට වෙලා තියෙන විපත්තිය” යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා සඳහන්කළේ වර්තමාන ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව අවදියෙන් සිටියයුතු බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 July 2016 11:27

Related items