May 17, 2024

'ගෝඨා ආවොත් ආණ්ඩුවෙන් යනවා' - චන්ද්‍රිකා

වත්මන් රජය බලයට ගෙන ඒමට තමා සහය දුන්නේ මෙරට තුළ හොරකම නැති කිරීමට බවත් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන් රජයට එක් වෙනවා නම් තමාට රජය සමග සිටීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවා ය.

පෙරේදා (05) දාරළුව ප්‍රදේශයේ පැවැති සමාජ සත්කාර වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළා ය.

ඇය මෙසේ පැවසූවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උසස් තනතුරක් ලබා දීමට සූදානමක් ඇති බවට පසුගිය දිනවල ඇති වූ කතාබහ පිළිබඳව අදහස් පළ කරමිනි.

එසේම තමා අංශභාග රෝගයට ගොදුරු වී ඇති බවට අන්තර්ජාලයේ පළ වූ බවත් තමා විදෙස්ගත වී සිටිය දී ඒ බව විමසා දුරකතන ඇමතුම් රැසක් පැමිණි බවත් ඇය පැවසුවා ය.

අංශභාග රෝගයට ගොදුරු වූවානම් පැය භාගයකින් සුවය ලැබිය හැකි දැයි විමසූ හිටපු ජනාධිපතිවරිය වැඩිදුරටත් කියා සිටියේ මෙම තොරතුරු වෙබ් අඩවිවල පළ කළ පුද්ගලයින්ගෙන්ම ඒ පිළිබඳව විමසිය යුතු බව යි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 07 June 2016 10:11