May 17, 2024

ජනතාවට උදව් කළොත් FCID යන්න වෙයි - නාමල්

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දී නම් ආපදා තත්ත්වයක් ඇති වීමට පෙර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ බවත් එම ස්ථානවලට ගොස් ඔවුන්ට ලබාදිය හැකි හැම සහනයක්ම ලබාදුන් බවත් අද එය කළ නොහැක්කේ තම පක්ෂයේ කිසිවෙකු හෝ එම ස්ථානවලට ගියහොත් ඔවුන්ව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට ගෙන යන තරමේ උත්සහයක් ඇති නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියාසිටී.

ඒ මහතා මේ බව කියාසිටියේ 07වන යුද විජයග්‍රහණ සැමරුමට සමගාමීව  රක්ෂිත බන්ධනාගාරගතව සිටින රණවිරුවන් පිරිසකගේ සුවදුක් විමසීමට ඊයේ (19) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

වර්තමාන ආණ්ඩුවේ සිටින දේශපාලනඥයින් සිදු කරන්නේ මාධ්‍ය සංදර්ශන බවත් මාධ්‍ය ඉදිරියේ ජනතාව වෙනුවෙන් සිටින බව කීව ද බිම් මට්ටමට ගොස් ඔවුන් ගැන සොයා නොබලන බවත් ඒ මහතා පැවසීය.

මේ වනවිට පවතින ආපදා තත්ත්වයට දේශපාලන පක්ෂ, ජාති, ආගම්, කුල භේද නොතකා ජනතාවට සහය වියයුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ හැකි සෑම අයුරකින්ම ජනතාව වෙත සහන සලසන ලෙසයි.

විපක්ෂයේ සිටිය ද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජනතාව වෙනුවෙන් හැකි අයුරින් සහය වන බව ද ඒ මහතා කියාසිටියේ ය.

එම වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 May 2016 17:25

Related items