May 17, 2024

'යෝෂිත CSN ගියේ කෙල්ලෙක් නිසා' - නාමල් හෙළි කරයි

February 27, 2016

යෝෂිත රාජපක්ෂ මහතා CSN රූපවාහිනී නාලිකාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු එම නාලිකාව වෙත නිතර පැමිණියේ යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය එහි සිටි නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය මෙසේ ය.

"යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි  ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා. තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක් ද? යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ."

Rate this item
(0 votes)