May 17, 2024

දැරියකගේ කටේ ප්ලාස්ටර් ඇලවූ පෙරපාසල් ගුරුතුමිය

කුඩා දැරියකගේ මුඛයෙහි ප්ලාස්ටරයක් ඇලවූ පෙරපාසැල් ගුරුවරියක් පිළිබඳව උතුරු කොළඹ මෝදර ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැරියට බොහෝ සෙයින් කේන්ති යන නිසාත් ඇය විසින් අනෙක් ළමුන්ව හපාකන නිසාත් මෙසේ ඇගේ මුඛයට ප්ලාස්ටරයක් අැලවූ බව ගුරුවරිය ප්‍රකාශ කොට ඇත.

මෙම සිදුවීමෙන් කෝපයට පත් මවුපියන් සහ ගුරුවරිය අතර බහින්බස් වීමක් සිදු වී ඇති අතර දැරිය එම පෙරපාසැලෙන් ඉවත් කර වෙනත් පෙරපාසැලකට ඇතුළත් කිරීමට මවුපියන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)