May 03, 2024

මහාචාර්යවරයා මහින්ද ලඟ තබාගෙන කී කතාව

September 02, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරමින් වැදගත් කාර්ය භාරයක් කළ ද ඔහු සිය ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට බරපතල හානියක් සිදු වුණි යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ අදහස් පළ කළේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවේ ආරාධිත දේශනය පවත්වමින් ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රටේ යම් කාර්ය භාරයක් වූ බවත්, යුද්ධය අවසන් වූයේ ඔහුගේ කාලයේ බවත් පැවසූ විජේසූරිය මහතා රාජපක්ෂ මහතා තම ධුර කාලය වැඩි කර ගැනීමෙන් පක්ෂයට අවැඩක් වූ බව පැවසුවේ ය.

මහාචාර්යවරයා තම ධූර කාලය පිළිබඳ සඳහන් කරද්දී රාජපක්ෂ මහතා සිනාසෙමින් ජනපති දෙස බලනු දක්නට ලැබුණි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 02 September 2015 16:48

Related items