May 21, 2024

මහින්දගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් අධිකරණය ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය බුද්ධි කාර්යාංශයෙන් (එස්.අයි.එස්) සකස් කළ ආරක්ෂක තක්සේරු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(10) නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම කළේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නව සම සමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර අපේක්ෂක නීතීඥ සේනක පෙරේරා මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. මෙහි හිටපු ජනාධිපතිවරයා, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ ඇමැති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ආරක්ෂාව අවශ්‍ය නම් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම්කරු ආරක්ෂාව ඉල්ලන්නේ නම් එම ආරක්ෂාව ලබාදීමටද නීතිපතිවරයා එහිදී කැමැත්ත පළ කළේය. 

මෙම පෙත්සම ලබන 14 වැනිදා යළි කැඳවන ලෙසද නියෝග කෙරිණි. පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, අනිල් ගුණරත්න, සහ ප‍්‍රියසාද් ඩෙප් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

 

 

Rate this item
(0 votes)

Related items