May 20, 2024

'එයා හිටියත් එකයි නැතත් එකයි' - මහින්ද චන්ද්‍රිකා ගැන කතා කරයි (VIDEO)  

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂයේ හිටියත් නොහිටියත් ප්‍රශ්නයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (09) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි. 

මෙවර ඉදිරිපත් කර ඇති සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා ප්‍රතිපාදන සොයා ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ‘‘ඔය චෝදනාව මට මතකයි 2005 දි අපිට කිව්වා. රුපියල් 3500ට පොහොර මිටියක් දෙනවා කිව්ව අවස්ථාවෙදිත් ඔය චෝදනාව ඔය ආකාරයෙන්ම ඉදිරිපත් කලා. ජනවාරි මාසෙ 9 වන දා වෙනකම් අපි සංවර්ධන කටයුතු කරගෙන ගියා. නමුත් දැන් ආණ්ඩුව කියනවා සල්ලි නෑ කියලා. ඉතින් සියලූ වැඩ නතර කරලා. මේ ආණ්ඩුව ආව ගමන් ආයෝජකයො සේරම එළව ගත්තා. එළවලා පාතාලයට ආරාධනා කළා එන්න කියලා. අපි ඉන්න කාලෙ පාතාලයක් තිබුණෙම නෑ.’’  

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)

Related items