May 11, 2024

තාජුඩීන් මරණය ඝාතනයක් බව මහින්දත් කියයි

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ "ඝාතනය" සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් යටතේ පරීක්ෂණ පවත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
 
රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සිදුවී වසර තුනකට පසුවය
 
පරීක්ෂණ වාර්තා සංසන්දනය කිරීමේදී සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවත් එම නිසා පොලීසිය සිද්ධිය පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් පැවැතිවිය යුතු බවත් රාජපක්ෂ මහතා එහිදී පැවසුවේය.
 
එමෙන්ම මැතිවරණයක් අත ළඟ තිබියදී අදාළ මරණය පිලිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම සැක කටයුතු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
 
2012 වසරේ මැයි මස 17 වනදා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් අභිරහස් ලෙස මරණයට පත්වූ අතර එවකට පොලීසිය පවසා සිටියේ එම මරණයට හේතුව අධික වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් සිදු වූ ස්වාභාවික අනතුරක් බවයි.
 
කෙසේ වෙතත් මෙම වසරේ පෙබරවාරි මස පොලිසිය විසින් උසාවිය දන්වා සිටියේ අදාළ මරණය මිනීමැරුමක් විය හැකි බව ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ අතර වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බව රහස් පොලිසිය ජුලි මස 27 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Rate this item
(1 Vote)

Related items