May 11, 2024

'මං ගාව ඇලඩින්ගේ පුදුම පහන තියෙනවා' - මහින්ද කියයි

ජනවාරි 08 වැනි දා පරාජයට පත්වීම නිසා ගෙදර යන්න සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ය.

ඒ හේතුවෙන් මාස 06 ක විවේකයක් ලද බැවින් මිනිසුන් හඳුනා ගැනීමට හැකි වූ බවත් ඉදිරියේ දී රට කිරීමට අවශ්‍ය කවර ආකාරයෙන් ද යන්න හඳුනා ගැනීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) කළුතර දී පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා, 

"ජනාධිපතිවරණය තියලා ජනාධිපති පත් කර ගන්නකොටම රනිල් වික්‍රමසිංහ අපේ අගමැතිතුමා එම ධුරයේ ඉන්කොටම අගමැතිකම ගත්තා. මෙයාලා යහ පාලනය මුවාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළි ගත්තා. රට තුළ දූෂණය, භීෂණය ඉහළ ගිහින්. තරුණියන් සමූහ දූෂණය කරනවා. පාසල් තුළ මත්ද්‍රව්‍ය විකුණනනවා. මෙන්න යහපාලනය. මේක යහපාලනය නෙවෙයි. මැර පාලනය."

"රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කරනවා කිව්වා. ඒක දුන්නෙත් වැටුපට එල්ලලා ටික ටික. මම රාජ්‍ය සේවකයින්ට බයිසිකල් දෙනවා කියලා. ගත්තු රුපියල් 50,000 ත් දෙනවා කිව්වා. මගෙන් ගත්තු බයිසිකලයේ ගිහින් ගොඩක් අය මට එරෙහි වෙලා හංසයට කතිරය ගැහුවා. ඒකෙන් මුළු රටටම යනඑනමං නැති උනා. ඔව් මං ගාව ඇලඩින්ගේ පුදුම පහන තියෙනවා. ඉතිං අගෝස්තු 17 වැනි දායින් පස්සේ ජනතාවට සහන දෙනවා. රට දියුණු කරනවා. එහෙම අපි බේර ගත්තු රට මෙයාලට බෙදන්න දෙන්නෙත් නෑ. දෙකඩ කරන්න දෙන්නෙත් නෑ" යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

මොරටුව - ඉන්දික මනෝජ්

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2015 16:11

Related items