April 27, 2024

"මායි දුවයි මේ රට දාලා යන්න තීරණය කළා" - මධුමාධවගේ සටහනෙන් පසු නිල්මිණී කිව්ව අමුතු කතාව

නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සිනමාවටත් විශාල සේවයක් ඉටු කරපු දක්ෂ රංගන ශිල්පිනියක්. ඕනෑම චරිතයකට හොඳ තාත්ත්වි රංගන දායකත්වයක් ලබා දෙන මේ  රංගන ශිල්පිනිය එදා ලබාගත් ජනප්‍රිය ආදරය මේ වනවනතුරුම  රැක ගෙන තියෙනවා.

ආදරණීය දියණියකගේ මවක් වන නිල්මිණි තෙන්නකෝන්  තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කළත් ඇය කලින් විවාහ වෙන්නේ ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයකු විදිහට හඳුනාගත් දේශපාලන කටයුතුවල නිරත වෙලා ඉන්න මධුමාධව අරවින්ද සමඟ.

When daughter was born she was very fair, Madhu said to name her Swetha -  Gossip Lanka News [English]

නමුත් ඇතිවෙන්නා වූ මතභේදාත්මක ගැටලු සහගත තත්ත්වයන් නිසා එක්තරා දවසක මහ පාන්දර රෑට ඇඳන් හිටපු ඇඳුම පිටින්ම  නිල්මිණී තමන්ගේ ආදරණීය දියණියත් එක්ක පාරට බහිනවා. එදා මදුමාධවගේ ගෙදරින් වෙන් වෙලා ආවට පස්සෙ නිල්මිණී මේ වෙනකන්ම තනි මවක් විදිහට දියණියත් එක්ක ජීවත් වෙනවා කියලා තමයි අපි කවුරුත් දන්නෙ.

ඔවුන් අතර කුමන ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණාද කියන්න අපි දන්නේ නැහැ. නමුත් නිල්මිණි විවිධ අවස්ථාවන් වල දී ප්‍රසිද්ධ වැඩසටහන්වලට සහභාගී වෙලා ඇගේ ජීවිතයේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව පැහැදිලි කළා. කෙසේ නමුත් පසුගිය දිනක මෙතෙක් නිහඩ වෙලා හිටපු මධුමාධව තමන්ගෙ දියණිය එහෙමත් නැත්නම් නිල්මිණීගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් හරි අපූරු සටහනක් තබනවා. ඒ සටහනේ සඳහන් කරලා තිබ්බේ කූඩුවට ගිනි තිබ්බේ නුඹේ අම්මා. කියලයි.

Sri Lankan Actress Nilmini Thennakoon | Bridesmaid saree, Actors &  actresses, Actresses

කෙසේ නමුත් පසුගිය දිනක යූටියුබ් නාලිකාවක වැඩ සටහනකට සහභාගී වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේ ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවෙන්  ඇය සහ දියණිය යන්න සූදානමින් සිටිනවා කියලයි. ඇය සඳහන් කළේ මේ සඳහා මූලිකම හේතුව දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු කියලයි. ඇයට දියණිය ලග නැතුව ඉන්න බැරි නිසා එයත් එක්කම විදෙස්ගත වෙන්න නිල්මිණි බලාපොරොත්තු වෙනවා කියලත් වැඩිදුරටත් සඳහන් කළා.

එහෙම යන්න වුණත් මගේ පොළොව දාලා යන්න මට දුකයි කියලා ඇය ප්‍රකාශ කළා. නමුත් ඉඩ ලද සෑම විටකම නැවත ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා යනුවෙනුයි ඇය පවසන්නේ.

මධුමාධව අරවින්දගේ සහ රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන්ගේ ආදරණිය දියණියගේ 20 වැනි උපන් දිනය වෙනුවෙන් මධුමාධව අරවින්ද තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සටහන පහතින්,

කඩුව දුන්න දා වැද්දට දෙකඩ උන
වැද්දත් මැරුන මම ගැයුවා නිහඩ බන
දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත ගැන
මට උන දේ කිසිවෙකුටත් නොවෙනු මැන

විසි වසරක් නිහඩව දුව නිසා මම
“ගිල ගෙන ඇත්ත “ඇහුවා අපහාස හැම
ඉවසල ඉවසලා ඉවසනු බැරි උනම
උත්තර දෙන්න සිදු වෙනවා මට මෙහෙම

වැරද්දුව නිසා මම එලවල දැම්මා
නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා
මසකට වරක් බොරු කියනව නැත නිම්මා
කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා

ස්වේතගෙ තාත්තා..
මදු මාදව අරවින්ද…

කූඩුව ගිනි තිබ්බ කෙනාම,
මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අපහාසවලට…
උත්තර දෙන්න…. මටත් වෙනවා දුවේ…..

ඔබට සුබ උපන් දිනයක් දුවේ
ඔයාලට හරියනවා..
තව එක වරක් බොරු කිව්වොත් අම්මා
තාත්තට කට අරින්න වෙනවා…

"කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා - තාත්තට කට අරින්න වෙනවා" -  දුවගේ 20 වැනි උපන්දිනේ දා මධූමාධව කියූ කතාව

"කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා - තාත්තට කට අරින්න වෙනවා" - දුවගේ 20 වැනි උපන්දිනේ දා මධූමාධව කියූ කතාව

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 October 2021 21:34