May 10, 2024

"කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා - තාත්තට කට අරින්න වෙනවා" - දුවගේ 20 වැනි උපන්දිනේ දා මධූමාධව කියූ කතාව

මධුමාධව අරවින්දගේ සහ රංගන ශිල්පිණී නිල්මිණී තෙන්නකෝන්ගේ ආදරණිය දියණියගේ 20 වැනි උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මධුමාධව අරවින්ද තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

එම සටහන පහතින් දැක්වේ.

කඩුව දුන්න දා වැද්දට දෙකඩ උන
වැද්දත් මැරුන මම ගැයුවා නිහඩ බන
දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත ගැන
මට උන දේ කිසිවෙකුටත් නොවෙනු මැන

විසි වසරක් නිහඩව දුව නිසා මම
“ගිල ගෙන ඇත්ත “ඇහුවා අපහාස හැම
ඉවසල ඉවසලා ඉවසනු බැරි උනම
උත්තර දෙන්න සිදු වෙනවා මට මෙහෙම

වැරද්දුව නිසා මම එලවල දැම්මා
නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා
මසකට වරක් බොරු කියනව නැත නිම්මා
කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා

ස්වේතගෙ තාත්තා..
මදු මාදව අරවින්ද…

කූඩුව ගිනි තිබ්බ කෙනාම,
මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අපහාසවලට…
උත්තර දෙන්න…. මටත් වෙනවා දුවේ…..

ඔබට සුබ උපන් දිනයක් දුවේ
ඔයාලට හරියනවා..
තව එක වරක් බොරු කිව්වොත් අම්මා
තාත්තට කට අරින්න වෙනවා…

Rate this item
(7 votes)
Last modified on Monday, 04 October 2021 15:36