May 21, 2024

මදුරුවන් මිලියන 20ක් බෝකරන චීනයේ මෙහෙයුම

September 11, 2021

මදුරුවන් විසින් මිලියන ගණනක් මිනිසුන් විනාශ කරන මාරාන්තික රෝග බොහොමයක් ඇති කරනවා. වර්ෂා කාලයේදී ඩෙංගු රෝගය හේතුවෙන් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියයනවා. ඔබ දන්නවාද චීනයේ සෑම සතියකම මදුරුවන් මිලියන 20 ක් නිපදවන කර්මාන්ත ශාලාවක් තිබෙන බව. මෙලෙස බෝකරන මදුරුවන් වනාන්තරවල සහ වෙනත් ස්ථාන වලට මුදාහරිනවා. මෙලෙස මුදාහරින මදුරුවන්ගේ කාර්යය වන්නේ රෝග බෝකරන මදුරුවන් සමඟ සටන් කිරීමෙන් රෝග වළක්වා ගැනීමයි.

මෙම මදුරුවන් සකස් කරනු ලබන්නේ කර්මාන්ත ශාලාවක ය. මෙම හිතකර මදුරුවන් ඇති කරන්නේ චීනයේ දකුණු කොටසේ ග්වාන්ෂෝහි කර්මාන්ත ශාලාවක් තුලය. මෙම කර්මාන්ත ශාලාව තුළ සෑම සතියකම මදුරුවන් මිලියන 20 ක් පමණ නිෂ්පාදනය කරනවා. මෙම මදුරුවන්ට ඇත්ත වශයෙන්ම වොල්බැචියා බැක්ටීරියා ආසාදනයකර ඇති අතර මෙයද වාසියක් කොට සලකනු ලබනවා.

චීනයේ සන් යාට් සෙට් විශ්ව විද්‍යාලය සහ චීනයේ මිචිගන් විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින් හෙළි වූයේ වොල්බැචියා බැක්ටීරියා ආසාදිත මදුරුවන් නිපදවන්නේ එමඟින් ගැහැණු මදුරුවන්ට මහා පරිමාණයෙන් රෝගය බෝ වීම සඳහා වඳභාවයට පත් කළ හැකි බවයි. එවිට මෙම පදනම මත මදුරුවන් නිෂ්පාදනය චීනයේ ආරම්භ වුණා. මෙම හිතකර මදුරුවන් වොල්බැචියා මෙස්කිටෝ ලෙස හැඳින්වෙනවා.

ගුවාන්ෂෝහි කර්මාන්තශාලාවේ බෝකරන මෙම හිතකර මදුරුවන් වනාන්තරවලට සහ මදුරුවන් බහුල ස්ථානවලට මුදාහරින්වා. කර්මාන්තශාලා වල බෝ කරන මදුරුවන් ගැහැණු මදුරුවන් සමඟ මිශ්‍ර වී ඒවායේ සශ්‍රීක බව විනාශ කරනවා. එවිට එම ප්‍රදේශයේ මදුරුවන් අඩු වීමට පටන් ගන්නා අතර මෙය රෝග වැළැක්වීමට හේතුවන බවයි පර්යේෂකයන් පවසන්නේ.

මදුරුවන් නිපදවන චීනයේ මෙම කර්මාන්ත ශාලාව ලොව ඇති විශාලතම කර්මාන්තශාලාව වෙනවා. එය වර්ග මීටර් 3500 ක් පුරා විහිදී තිබෙනවා. සෑම සතියකට මදුරුවන් මිලියන 5 ක් පමණ නිපදවන බවයි වාර්තා වන්නේ.

චීනය මෙය සිදුකිරීමට පටන්ගෙන ඇත්තේ 2015 සිට ය. සෑම වසරකම ඩෙංගු රෝගය ව්‍යාප්ත වන හෙයින් මීට පෙර මෙම මදුරුවන් සකස් කර තිබුනේ ග්වාන්ෂු සඳහා පමණි. දැන් මෙහි මදුරුවන් බොහෝ දුරට පාලනය වී ඇති බැවින් රෝග ද පාලනය කර තිබෙනවා. දැන් මෙම කර්මාන්තශාලාවෙන් මදුරුවන් නිෂ්පාදනය කිරීමෙන් පසු ඒවා චීනයේ අනෙකුත් ප්‍රදේශවලට ද යවනු ලබනවා.

කර්මාන්තශාලාවේ උපදින මෙම මදුරුවන් විශාල ශබ්දයක් කළත් නිශ්චිත වේලාවකට පසු ඒවා අවසන් වෙනවා. විශේෂ කරුණ නම් කිසිඳු ආකාරයකින් රෝග බෝවීමේ අවදානමක් නොමැති වීමයි. මෙම කර්මාන්තශාලාවේ උපදින සියලුම මදුරුවන් පිරිමි මදුරුවන්ය. මෙම මදුරුවන්ගේ ජාන, රසායනාගාරයේදී වෙනස්කර තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Saturday, 11 September 2021 22:57