May 19, 2024

භාතියට රෝ භීතියෙන් මිදෙන්නට වරම් හිමි වේවා! භාතිය ගැන දයාන් විතාරණ තැබූ සටහන

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා ආසාදනය වී ඇත.

ඒ අනුව භාතිය ජයකොඩි මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශය වූ ද වොයිස් වැඩසටහනේ ‌පුහුණුකරුවෙකු ලෙස ඔහු සහ ඔහුගේ ගායන සගයා වන සන්තුෂ් වීරමන් මහතා කටයුතු කරනු ලැබුවා.

ඒ වෙනුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

භාතියට රෝ භීතියෙන් මිදෙන්නට වරම් හිමිවේවායි සෙත් ප්‍රාර්ථනා කරමු ....................................

ජනකාන්ත ගායක භාතිය ජයකොඩි මේ වන විට ලොවක් පීඩා විඳින මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරුව සිටින අතර, ඔහු මේ වන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නේය.

අප මෙන්ම මුළු මහත් ලෝකයම ඉකුත් වසරේ සිට ම මේ නව කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින බව සත්‍යයකි. එමෙන්ම ඒ නිසාම ප්‍රියයන්ගේ අහිමි වීම් සහ දෑසින් දකින්නට තරම් නොවූ සංවේදී බොහෝ දේ ද දකිමින් ද දුකට පත්ව කම්පා වන්නට අපට මේ රෝගට ඉඩහසර වෙන්කොට තිබීම කණගාටුදායක තත්ත්වයකි. රෝ බියෙන් අප වෙළී සිටින විට, අප හිතාදර මිත්‍රයා වන භාතිය මේ රුදුරු ව්‍යාධියට පත්ව සිටින බව දැන ගැනීම මහත් දුකට හේතුවකි.

අනෙක් රටවලට වඩා අප රටේ රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙක් සුවය ලබන අතරම ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සුව විරුවන් හට ද සහයක් වෙමින් ද අප ද මේ වන විට ආරක්ෂිතව සිටීම ඉතා වටින බව ද මතක් කරමි.

භාතිය නිසැකවම ඉතා ඉක්මණින් පූර්ණ සුව ලබා යළිත් ඉතා නුදුරේම අප වෙනුවෙන් ගීතවත් වනු නිසැකය. එනිසාවෙන්ම අප සියලු දෙනා අප අදහන, විශ්වාස කරන ආගමට දහමට අනුව එක සිතින් ඔහුට ඉකමන් සුවයම පතමු යැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි.

හිතාදර භාතිය, ඔබට අනන්ත වූ බුදු ගුණ බෙලෙන් තෙරුවන් සරණින් ඉක්මන් සුවයම ලැබේවා !!!

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 18 May 2021 15:41