May 19, 2024

"එදා භාතිය මට සින්දුවක් කියන්න කිව්වා - ඒකෙන් තමයි මගේ සංගීත ගමනේ ආරම්භය වුණේ"

November 10, 2021

උමාරියා සිංහවංශ කියලා කියන්නේ සිංහල, දෙමළ, හින්දි, ද්‍රවිඩ, ජපන්, අරාබි යන විවිධ භාෂා ගණනාවකින්ම ගීත ගායනයන් ඉදිරිපත් කරපු දක්ෂ ගායිකාවක්. වේදිකාව තුළ කිසිදු බයක් සැකක් නැතුව තනිවම නටලා කරලා ගීත ගායනා කරන ඇය හැමදාමත් ප්‍රේක්ෂකයන්ට දුන්නේ විශිෂ්ට නිර්මාණයන්.

මේ පවුලේ බඩ පිස්සි තමයි උමාරියා කියලා කියන්නේ. ඉතින් උමාරියා ගායන ලෝකයේ කවුරුත් අඳුරන උමාරාගේ එකම නංගි. උමාරියා සිංහවංශ සිංහල කෙනෙක් නෙමෙයි. ඇගේ පරම්පරාව පැවතිලා එන්නේ ඉන්දුනීසියාවෙන්. තාත්තා ටෝනි සිංහවංශ සහ අම්මා අයේෂා සිංහවංශයි. මේ පුද්ගලයන් දෙන්නම වෘත්තියෙන් සංගීතඥයන්.

පුංචි කාලේ ඉඳන්ම උමාරියා සංගීතයට දක්ෂද කියලා අහපුවාම ඇය සඳහන් කළේ මේ වගේ පිළිතුරක්. නෑ පාසල් කාලේ ඇත්තටම මම ගීත ගායනා කළේ කාටවත් ඇහෙන්න නෙවෙයිමගේ අම්මා තාත්තා අක්කා තුන්දෙනාම ගීත ගායනා කළාහැබැයි මම බාත් රූම් එකේ කවුරුත් නැති තැනක තමා ගීතයක් කියන්නේපාසල් කාලයේ ඇත්තටම මම මුල් තැන දුන්නේ අධ්‍යාපනයටකොහොම වුණත් දයිවේ ලියවිලා වගේ බිස්නස් වලට විශිෂ්ට සාමාර්ථ ගත්ත මම සංගීතයට යොමු වුණා.

May be an image of one or more people, long hair and outdoors

කොහොමින් කොහොම හරි සංගීත ක්ෂේත්‍රයට ආපු මේ ගායිකාව පසුගිය දිනක ගායනා කරපු මන්ද පමා ගීතය කොයි කවුරුත් අතර ජනප්‍රිය නිර්මාණයක් බවට පත්වුණා. ඇය සංගීත ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙකින් වගේ ඉතින් ඒ සොඳුරු සිදුවීම මතක් කරන්නේ මෙන්න මේ විදිහට.

මගේ අක්කා සංගීතය එක්ක ජීවත් වුණු කෙනෙක්. දවසක් මම පාසල් ඇරිලා අක්ක එක්ක භාතිය සන්තුෂ් ස්ටුඩියෝ එකට ගියා. එතනදි අක්කා සින්දු කියද්දි මමත් නිකමට සිංදුව තනියම කියවද්දී භාතියට ඒක ඇහිලා මට සින්දුවක් කියන්න කිව්වා. එදා තමයි මගේ ජීවිතේ සංගීතයට ආරම්භක දවස උනේ. කියන්නම ඕනි මගේ අක්කා තමා නිරතුරුව මාත් එක්ක මේ ගමනේ ළඟින්ම හිටියේ.

ඉතින් උමාරියාගේ සංගීත ගමන සිද්ධ වෙලා තියෙන්නෙ මේ විදියට. ඇය මේ වෙද්දි භාතිය සන්තුශ් එක්ක විවිධාකාරයේ විශිෂ්ට නිර්මාණයන් කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඉදිරියේදීත් ඒ වගේම සුන්දර නිර්මාණයන් කීපයකින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න ඇයට අවස්ථාව උදා වේවා කියා අපි සුභ පැතුම් එක් කරන්නෙමු.

May be an image of one or more people and indoor

Rate this item
(0 votes)