May 19, 2024

කාබාලි බලන්න බැරිවුණු නිසා තරුණයෙකු දිවි නසාගත් වීඩියෝව මෙන්න (VIDEO)

සුපිරි දකුණු ඉන්දීය නළු රැජිනි කාන්ත් රඟන කාබාලි චිත්‍රපටය තිරගත වීම ඇරඹුනේ ඉන්දියාවේ පමණක් නොව රටවල් ගණනාවක සිනමා රසිකයින් උමතු කරවමින්.

කාබාලි සිනමා නිර්මාණය සඳහා වූ උමතුව කෙසේ වේ ද යත් එම චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේ ඉන්දියාවේ බොහෝ ආයතන නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කොට තිබුණා.

සිනමාහල් අසල රැස් වූ රසිකයින් රැජිනි කාන්ත්ගේ රුව කිරිවලින් නහවන අයුරුද දකින්න පුළුවන්.

එසේම ඔහුගේ රුව තම ශරීරයේ පින්තාරුකරගත් අය ද තම රථ වාහන කාබාලි පෝස්ටර ආකාරයෙන් පින්තාරු කළ අය ද සිටින බව වාර්තා වෙනවා.

එහෙත් ඉන් ඔබ්බට ගිය දරුණු ආකාරයේ පුවතක් කාබාලි සම්බන්ධයෙන් වාර්තා වෙනවා.

සිනමා නිර්මාණය තිරගත වූ පළමු දිනයේ ප්‍රවේශපත්‍රයක් පිළට ගැනීමට නොහැකිව ඇති වූ හිත් වේදනාව නිසා සිය දිවි නසාගැනීමට සිතූ තරුණයෙකු උස් ගොඩනැගිල්ලක සිට බිමට පැන තිබෙනවා.

සිදුවීමෙන් අදාළ තරුණයා මියගොස් ඇති බව යි වාර්තා වන්නේ.

එම සිදුවීමේ වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 July 2016 09:37