May 10, 2024

දූෂණය කරන්න දැරිය ඉල්ලා ආ කාමාතුරයා මෝල්ගහෙන් මැරුම්කයි (VIDEO)

දැරියක් දූෂණය කළ සැකකරුවෙකු යළි ඇයව ඉල්ලමින් ඇගේ නිවසට පැමිණී අවස්ථාවේ දී කිසියම් අයෙකු විසින් එම පුද්ගලයාව ඝාතනය කර ඇති බව කියන පුවතක් මොරවක කලුබෝවිටියන ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීට පෙර අදාළ දැරිය පාසල් ගොස් පැමිණෙන අතරතුර දී ලොරි රථයකින් පැමිණි සැකකරු ඇයව පැහැර ගෙන පාළු නිවෙසකට රැගෙන ගොස් දූෂණය කර තිබේ.

දැරිය විසින් ඇගේ දෙමව්පියන්ට මෙම සිද්ධිය පැවසීමෙන් අනතුරුව ඔවුන් මොරවක පොලීසියට ඒ සම්බන්ධව පැමිණිලි කර ඇති අතර දැරිය දූෂණය කළ සැකකරු පසු දිනෙක යළි නිවසට පැමිණ දැරිය ඉල්ලා ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුව පොලිස්ථානයට ඇමතුමක් ලැබී ඇත්තේ අදාළ සැකකරු දැරියගේ නිවස අසල ඝාතනය වී සිටින බවටයි.

කිසියම් පුද්ගලයෙකු අදාළ සැකකරුට මොල්ගසකින් පහරදී ඇති බවට මොරවක පොලීසිය සැකපළ කරයි.

මේ වනවිට එම ඝාතනය සිදුකළ බව පැවසෙන දෙදෙනෙකු පොලීසියට භාරවී ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර මොරවක පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ මෙහෙයවයි. 

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 13 May 2016 12:41