May 12, 2024

මවගේ පෙම්වතා නිවුන් දැරියන්ව වරින් වර දූෂණය කරලා

වයස අවුරුදු 14 ක් වන නිවුන් සහෝදරියන් දෙදෙනෙකුට වරින් වර බරපතල ලිංගික අතවර සිදු කළ 41 හැවිරිදි අයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු මුන්දලම පොලිස් වසමේ මහකුඹුක්කඩවල පදිංචිකරුවෙකු වන අතර ඔහු තමන් පදිංචි නිවස අසල ඇති පොල් වත්තක් බලා ගැනීම වෘත්තීය වශයෙන් සිදු කර ඇත.

අතවරයට පත්ව ඇති දැරියන් දෙදෙනා පාසල් සිසුවියන් වන අතර ඔවුන්ගේ පියා මව හැර ගොස් ඇති බව වාර්තා වේ.

මෙම දැරියන්ගේ මව සැකකරු සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර ඒ සමඟම 2013 වසරේ සිට එක් දැරියක් සමඟ සතියකට වතාවක් ද 2014 වසරේ සිට අනෙක් දැරිය සමඟ ද සැකකරු ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ.

තම මවගේ අනියම් පුරුෂයා විසින් කරනු ලබන ලිංගික බලපෑම් සම්බන්ධයෙන් දැරියන් දෙදෙනා විසින් මිත්තණියට පවසා ඇතත් ඇය නොසලකා සිට ඇත.

මේ අතර මීට මාස 03 කට පෙර දැරියන්ගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී ඇති අතර ඉන් පසුව සැකකරු විසින් නිරන්තරව දැරියන් දෙදෙනාව ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

නැවතත් දැරියන් දෙදෙනා මේ බව තම මිත්තණිය හා පවසා ඇති අතර ඒ අනුව මිත්තණිය දැරියන් දෙදෙනා සමග මුන්දලම පොලීසියට පැමිණ සිද්ධිය පැමිණිලි කර ඇත.

දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර ඇති අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු මෙහෙයවයි.

පුත්තලම - ජුඩ් සමන්ත

Rate this item
(2 votes)
Last modified on Friday, 22 April 2016 10:54