May 10, 2024

දරුවාගේ දෙපා පුළුස්සා ලුණු දමා බිම දිගේ ඇදගෙන ගිය නරුම මව්පියන්

14 හැවිරිදි තම දරුවාගේ දෙපා පුළුස්‌සා ඒ තුළට ලුණු දමා පසුව අත් පා බැඳ දමා නිවස වටා බිම දිගේ ඇදගෙන ගොස්‌ කෘෘර ලෙස වදහිංසනයට පත් කළ දෙමාපිය යුවළක් පිළිබඳව ගොඩිගමුව අකරගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වයෝවෘද්ධ අඹුසැමි යුවළක් වූ මොවුන් වැලිගොඩ දැමීමේ සහ ගඩොල් පෝරණුවක සේවයේ යෙදෙන්නන් දෙදෙනෙකි.

සිද්ධිය වූ දින රාත්‍රි ආහාරයට පෙර එම යුවළ, තමන් හට කසිප්පු ගෙනවිත් දෙන ලෙසට තම 14 හැවිරිදි පුත්‍රයාට දන්වා තිබෙන අතර දරුවා විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහුට කෘෘර ලෙස වද හිංසා කිරීමට අඹු සැමි යුවළ ක්‍රියා කොට ඇත.

70 හැවිරිදි කේ. ඒ. සුමනසිරි සහ ඔහුගේ බිරිඳ වන 60 හැවිරිදි එම්. වික්‌ටෝරියා ප්‍රනාන්දු නමැති මොවුන් දෙදෙනාට බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් වසර 10 කට අත්හිටවූ බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කරන ලද අතර ඊට අමතරව රුපියල් 5000 බැගින් දඩ නියම කෙරිණි.

Rate this item
(0 votes)