May 17, 2024

හැන්දක් රත්කර තම දරුවා පිළිස්සූ පියෙක්

යකඩ හැන්දක් රත්කොට තම 09 හැවිරිදි දරුවාගේ ගෙල පෙදෙස පිළිස්සුවා යැයි කියන පියෙකු තලවකලේ පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තලවකැලේ වත්ත නානුඔය කොටසේ පදිංචි වතු කම්කරුවෙක් වන අතර දරුවා තලවකැලේ දෙමළ මහ විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබන අයෙකි.

පිළිස්සුම් තුවාල ලැබූ දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත් කොට ඇත.

ලිඳුල රෝහලේ වැඩබලන දිසා වෛද්‍ය නිලධාරී හර්ෂ අබේවර්ධන මහතා ප්‍රකාශකළේ දරුවාගේ ගෙල පෙදෙසේ පිළිස්සුම් තුවාල දක්නට ඇති බැවින් ඒ පිළිබඳ වාර්තාවක් ලබාගැනීම සඳහා ඔහු නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවයි.

අත්අඩංගුවට ගත් පියා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව තලවකැලේ පොලිසිය පවසයි.

Rate this item
(0 votes)