May 17, 2024

කාමාතුරයින් දෙදෙනෙකුට බිළි වූ 10 වියැති දැරියක්

February 29, 2016

පියා කුළී වැඩ සඳහා නිවසෙන් පිටව ගිය අවස්ථාවේ දී නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු අතින් වයස අවුරුදු 10ක දැරියක් බරපතල ලෙස දූෂණය වූ පුවතක් වවුනියාවෙන් වාර්තා වේ.

දැරිය පෙරේදා (27) දිනයේ දී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති අතර දැරිය දූෂණය කළ පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි 31 සහ 21 වියැති දෙදෙනෙකි

දූෂණය වූ දැරියගේ මව මීට වසර 4කට පෙර විදෙස්ගතව ඇති අතර අපරාධකරුවන් ඇගේ පියා නිවසෙන් පිටව යන තෙක් බලා සිට නිවසට ඇතුළු වී තනිව සිටි දැරිය බරපතල ලෙස දූෂණය කොට ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

- රොමේෂ් මධුසංඛ | වන්නි -

Rate this item
(3 votes)