May 17, 2024

දැරියක් වසර 5ක් දිනපතා දූෂණය කළ පියා

February 26, 2016

‍අවුරුදු 5ක් පුරා තම දියණිය දිනපතා දූෂණය කළ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පිළිබඳව ගම්පොලින් වාර්තා වේ.

අදාල දැරිය 10 වැනි වියෙහි පසු වද්දී ඇගේ මව විදේශගත වී ඇති අතර අනතුරුව ඇය ලංකාවට පැමිණි පසු සැමියා සමඟ ආරවුලක්‌ ඇති කර ගනිමින් දික්‌කසාද වී නැවත විදේශගත වී තිබේ.

දැරිය 12 වැනි වියේ දී වැඩි වියට පත් වීමෙන් පසු ඇගේ 45 හැවිරිදි පියා ඇය සමඟ දිනපතා ලිංගිකව එක් වූ බවත් වරක්‌ ඇය ගැබ්ගෙන ඇති අතර මෙම සැකකාර පියා රුපියල් 18,000 ක්‌ ගෙවා බෙහෙත් ගෙනැවිත් දී එය ගබ්සා කළ බවත් අනාවරණය වී ඇත.

දිගින් දිගටම තමා පියාගෙන් දූෂණයට ලක් වන බව දැරිය තම මිත්තණියට පවසා ඇති අතර මිත්තණිය මේ පිළිබඳව පොලීසියට දැණුම් දී තිබේ.

මේ වන විට 17 වැනි වියෙහි පසු වන දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කොට ඇත. 

ඇගේ පියා ලබන මාර්තු මස 9 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

Rate this item
(6 votes)