May 04, 2024

කුසල්ගේ හිසටත් පන්දුවක්...

February 03, 2019
  • ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් කුසල් ජනිත්වත් අසරණ කරයි...
  • පන්දුව හිසේ වැදුණු කුසල් ක්‍රීඩා පිටියෙන් ඉවතට...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වු ඊයේ ( 2 ) පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්නගේ හිසේ පැට් කමින්ස් විසින් එවන ලද කෙටි පන්දුවක් වැදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබුවා. පස්වරුව වන විට දිමුත් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබුනේ තත්ත්වය බරපතල නොවීම හේතුවෙන්.

තරඟයේ තෙවන දිනය වන අද දින ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේ රිචඩ්සන් විසින් ක්‍රියාත්මක කරනු ලැබු 52 වන පන්දුවාරයේ දෙවන පන්දුව පිතිකරණයේ නියලි සිටි කුසල් ජනිත් පෙරේරාගේ හිසේ වැදීමත් සමඟ ඔහු පැළඳ සිටි හෙල්මටයේ කොටසක්ද කැඩී ගියා.

පන්දුව හිසේ වැදුනු මොහෝතේ පිටියේ සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායමේ වෛද්‍යවරයාද පැමිණ කුසල් පරික්ෂා කරනු ලැබු අතර බරපතල තත්ත්වයක් දකින්නට නොලැබීම හේතුවෙන් කුසල් වෙත නව හෙල්මටයක් ලබාදීමෙන් පසු නැවත තරඟය ආරම්භ කෙරුණා.

කෙසේ නමුත් තරඟයේ මීළඟ පන්දුවාරයේදී කුසල් ජනිත් පෙරේරා තුළින් නැවතත් වේදනාත්මක ස්වරූපයක් පෙන්නුම් කෙරුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා පැමිණ නැවතත් කුසල් ජනිත් පෙරේරා පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගැනුනා.

කුසල්ගේ ඉවත්වීමත් සමඟ ඊයේ දින පන්දුව හිසේ වැඳිම හේතුවෙන් රෝහල් ගත කර පසුව තත්ත්වය බරපතල නොවන බවට අනාවරණය වු දිමුත් කරුණාරත්න නැවතත් පන්දුවට පහර දීමට පිටියට පැමිණියා.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 9ක් ලකුණු 215ක් තුළ බිඳ වැටුනු අතර පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස හෝ කුසල් ජනිත් පෙරේරා නැවත පිටියට පැමිණයේ නැහැ.

සටහන - විදර්ශන ප්‍රනාන්දු

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 February 2019 11:37