May 04, 2024

කුසල් ඉවතට - ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය යළි වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම තනතුර හිමිව ඇත්තේ දසුන් ශානකට යි.

එක්දින සහ පන්දුවාර 20 යන දෙඅංශයේම නායකත්වය මෙලෙස ශානක වෙත ලබා දී ඇති බව යි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම පත් කිරීමත් සමග ශානක 20 විස්ස ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති බව ද සඳහන්.



එමෙන්ම තවත් දින කිහිපයකින් ආරම්භවන ඉන්දියාවට එරෙහි තරගාවලියට ද ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්තව යි.



දසුන් ශානක මීට පෙර 2019 වසරේදී පකිස්ථාන සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවනු ලැබූවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කළ පසුබිමක යි.

එම 20 විස්ස තරගාවලිය අති විශිෂ්ඨ ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේ 3-0ක් ලෙසින්.



එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලියේදී දසුන් ශානක දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 23:07