May 04, 2024

නායකත්වය අහිමි වුණු කුසල් පෙරේරාට සිදුවන දේ

2023 ලෝක කුසලානය ඉලක්ක ගත කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරගෙන යනු ලබන සැලසුම අනුව දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරා හට සීමිත පන්දුවාර රටාවේ කණ්ඩායම් වගකීම භාර දෙනු ලැබුවා.

එහිදී කුසල් හට තමන්ගේ නායකත්වයේ හැකියාව පෙන්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරඟාවලි 02ක් ලබාදුන්නා. ඒ අනුව කුසල් හට බංග්ලාදේශ තරඟ සංචාරය සහ එංගලන්ත තරඟ සංචාරය හිමි වුණා.

මෙම තරඟාවලියන් දෙකේ දීම ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු සාර්ථකත්වයක් අත් කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහිදී එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් ද අත්විඳීමට සිදු වුණා.

එම තරඟාවලියන් දෙකෙන් පසුව කුසල්ගේ නායකත්වය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබූ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල්ගේ නායකත්වයේ වගකීම ඉවත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩයාමේ නායකත්ව මේ වන විටත් දසුන් ශානක හට ලබාදී තිබෙනවා. 

ක්‍රිකට් ආරංචි මාර්ග අනුව දැනගන්නට ලැබෙන්නේ කුසල් ජනිත් පෙරේරා හට නැවතත් සිය සුපුරු ආරම්භක පිතිකරු වගකීම සහ කඩුළු රකින්නාගේ වගකීම ඉටු කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

ඒ අනුව එළැඹෙන ඉන්දීය තරඟාවලියේ සිට කුසල් ජනිත් පෙරේරා සිය සුපුරු තරඟ රටාවට අවතීර්ණය වී ක්‍රීඩා කරනු ඇති බවට අපේක්ෂා කළ හැකියි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 July 2021 23:50