බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම භාරදී ඇත්තේ කුසල් ජනිත් පෙරේරාට යි.
එහි උප නායක ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ එය දැඩි කතාබහකට මඟපාදා තිබෙනවා.
බොහෝ ක්‍රිකට් ලෝලීන් අදහස් ප්‍රකාශ කොට ඇත්තේ උපනායක තනතුරට කුසල් මෙන්ඩිස්ට වඩා සුදුසුකම් ඇති පුද්ගලයින් සංචිතය තුළ සිටින බවට යි.
කෙසේ වෙතත් මෙන්ඩිස්ට ලද අවස්ථාව අගය කරන පිරිසක් ද සමාජ මාධ්‍ය තුළ දක්කට ලැබෙනවා.
ඇතැම් සමූහ ආදියෙහි කුසල් මෙන්ඩිස්ට පක්ෂපාතී සහ එරෙහි පිරිස් අතර උණුසුම් වාද විවාද පවා ඇතිවෙන අයුරු දක්නට පුළුවන්.
එක් දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිතව ඇත්තේ එළඹෙන මැයි 15 වන දින යි.
ශ්‍රී ලංකා සංචිතයේ සම්පූර්ණ සාමාජිකයින් ලැයිස්තුව මෙසේයි..
- කුසල් ජනිත් පෙරේරා - නායක
- කුසල් මෙන්ඩිස් - උප නායක
- ධනුෂ්ක ගුණතිලක
- ධනංජය ද සිල්වා
- පැතුම් නිස්සංක
- දසුන් ශානක
- අශේන් බණ්ඩාර
- වනින්දු හසරංග
- ඉසුරු උදාන
- අකිල ධනංජය
- නිරෝෂන් දික්වැල්ල
- දුෂ්මන්ත චමීර
- රමේෂ් මෙන්ඩිස්
- අසිත ප්‍රනාන්දු
- ලක්ෂාන් සඳකැන්
- චාමික කරුණාරත්න
- බිනුර ප්‍රනාන්දු
- ශිරාන් ප්‍රනාන්දු