May 04, 2024

කුසල් ජනිත්ගේ ආබාධයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවා වන කුසල් ජනිත් පෙරේරා පුහුණු වීම් අතර ආබාධයට ලක්වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුදයකට මුහුණ දී ඇති බවට වාර්තා වෙනවා.

කුසල් ජනිත් ඉන්දියානු තරඟාවලිය සඳහා සහභාගී වීමද මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

එංගලන්ත තරංග සංචාරය අතරතුරදී ද කුසල් ජනිත් විසින් සිය ඇඟිල්ලක ආබාධයක් සහිතව ක්‍රීඩා කර තිබුණේ ඔහු වෙනුවට සංචිතය තුළ ආදේශ කිරීමට ක්‍රීඩකයෙකු නොමැති වීම නිසයි.

කුසල් ජනිත් හට ඉන්දීයානු තරඟාවලියට සහභාගී වීමට නොහැකි වුණොත් ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියට දැවැන්ත පාඩුවක් සිදුවනු ඇත. දැනට නම් කර ඇති සංචිතය තුළ  ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුට සිටින්නේ ධනංජය ද සිල්වා පමණයි.

කුසල්ගේ තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් විශේෂ අධීක්ෂණයක සිටින බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබුණා.

Rate this item
(2 votes)