May 04, 2024

කුසල් පෙරේරා වෙනුවට නම් දෙකක් යෝජනා වෙයි

උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට ඉන්දීයානු තරඟාවලිය අද (16) දිනයේ දී අහිමිව ගියා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යම් අර්බුදයකට මුහුණ දී ඇති බවද මීට පෙර වාර්තා වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් ලෙස කවුරුන් ක්‍රීඩා කරයිද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු පුවතක් වාර්තා වන්නේ නැහැ. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රැකීමේ වගකීමද ඉටු කරනු ලැබුවේ කුසල් පෙරේරා විසින් වන අතර මේ වන විට එම වගකීම සඳහා නම් 02ක් යෝජනා වී තිබෙනවා.

කුසල් පෙරේරා හැරුණු කොට ශ්‍රී ලංකා කඩුළු රකින්නන් ලෙස නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් කටයුතු කළත් මේ වන විට ඔවුන් දෙදෙනාගේ තරඟ තහනමකට ලක්වීම නිසා කණ්ඩායම වෙත නවක ක්‍රීඩකයෙකු කඩුළු රකින්නෙකු ලෙස කැඳවිමට සිදුව තිබෙනවා.

ඒ අනුව යෝජනා වී ඇති නම් දෙක වන්නේ මිනෝද් භානුක සහ ළහිරු උදාන යන ක්‍රීඩකයන්ගේ නම් ය.

මෙම නවක ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නාගේ වගකීම පැවරෙනු ඇති.

Rate this item
(5 votes)
Last modified on Friday, 16 July 2021 15:27