April 27, 2024

"මාලිංග පරණ කෙනාමයි.. ඔහුව අදුරගන්න එක ලේසි නෑ " - ෆෆ් ඩුප්ලේසි

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 96ක ජයක් ලැබීමට දකුණු අප‍්‍රිකානුවන් සමත්වුනා.එහිදී වසර 02කට පසු ජාත්‍යන්තර එක්දින පිටියට යළිත් එක්වූ ලසිත් මාලිංග මනා පාලනයක් සහිතව පන්දු යවනු දක්නට ලැබුනා.

තරඟයෙන් අනතුරුව දකුණු අප්‍රිකා පිතිකරු ෆෆ් ඩුප්ලේසි පවසා තිබුණේ මාලිංගගේ පන්දුව පාලනය කිරීමේ හැකියාව විශිෂ්ට බවයි..

 “මාලිංගට තවම පරණ හැකියාවම තියනවා,ඒක වෙනස් වෙලා නෑ.කලින්ට වඩා පන්දුවේ වේගය අඩු වෙලා තියන එක පිතිකරුවන්ට පොඩි සහනයක්,ඔහු වේගය අඩු කරන පන්දුව අදුන ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.ඔහුගේ හෙමින් දාන පන්දුවයි වේගය වැඩි පන්දුවයි අතර තියන වේගයේ පරතරය වැඩි වෙන්න වෙන්න පිතිකරුවන්ට ලේසි නෑ.අනිත් එක ඔහුගේ තියන පන්දුව පාලනය කිරීමේ හැකියාව විශිෂ්ටයි.කොහොම හරි පහුගිය තරඟයේදී මාලිංගට එක කඩුල්ලක් වත් නොදී ඉන්න අපි සමත් වුන එක ලොකු ජයග්‍රහණයක්.’

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 June 2017 07:22