May 02, 2024

යෝකර් පන්දුවේ රජු "මාලි" ක්‍රිකට් පිටියට සමුදෙයි

September 14, 2021

ලෝකයේ බිහි වු විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම තරඟ රටාවන් සඳහා අද (14) දිනයේ සමුදුන්නා.

මාලිංග සිය ක්‍රිකට් දිවියට සමුදෙමින් ෆේස්බුක් සටහනක් තබා තිබුණේ මෙලෙසයි,

"වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ..

මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.

තෙරුවන් සරණයි!

w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි !"

Rate this item
(12 votes)
Last modified on Tuesday, 14 September 2021 17:56