May 02, 2024

එලියන්ත වයිට් වෙනුවෙන් මාලිංග තැබූ සංවේදී සටහන

September 23, 2021

මෙරට බොහෝ දෙනා අතර දැඩි කතාබහකට ලක්වූ පුද්ගලයෙකු ලෙස හඳුන්වන වෛද්‍ය එලියන්ත වයිට් ඊයේ (22) දිනයේ කොළඹ පෞද්ගලික රෝහලක කොවිඩ්-19 රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගොස් තිබෙනවා.

ඔහු මිය යන විට 48 වැනි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ද පෞද්ගලික වෛද්‍යවරයා ලෙස ඔහු කටයුතු කළා. 

එලියන්ත වයිට් මහතා මෙරට ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්වූ චරිතයක් ලෙස ප්‍රසිද්ධව සිටියා.

ඒ මෙරට බිහි විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සුව කිරීමට අපහසු වූ පාදයේ ආබාධයක් වෛද්‍ය එලියන්ත වයිට් විසින් සුව කිරීමත් සමඟයි.

ලසිත් මේ බව ඔහුගේ අවසන් ක්‍රිකට් තරඟයේ දී හෙළි කර සිටියා.

ඊයේ (22) එලියන්ත වයිට් මහතාගේ අභාවයත් සමඟ ලසිත් මාලිංග විසින් සංවේදී සටහනක් තබා තිබුණා.

ලසිත් එහිදී සිය ෆේස්බුක් ගිනුමේ පවසා තිබුණේ,

"2008 දී මගේ පාදයේ injury එක...ඇත්තටම හාස්කමකින් සුවය ලබූ injury එකක්.
ඒ හාස්කම කරපු එතුමට මම දාපු හැම Yorker එකක් hat trick එකක් ගානෙම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
2008 න් පස්සේ මම දවාගත් හැම කඩුල්ලක් ගානෙම සතුටු වුන ඔබෙත් හදපිරි ප්‍රණාමය එතුමා වෙනුවෙන්ම පුද කරන්න! ඔබට අමා මහ නිවන් සුව පතමි!"
ලසිත් මාලිංග තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,
Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 08:07