May 17, 2024

එලියන්ත වයිට් ජීවිතයෙන් සමුගනී

September 22, 2021

මෙරට දැඩි ලෙස කතාබහකට ලක්වූ වෛද්‍යවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ එලියන්ත වයිට් මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. 

කොවිඩ්-19 වෛරසය ආසාදිතව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඔහු පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහල වෙතද යොමු කර තිබුණා.

එහි ඔහුට විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක් ද ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය සුව කිරීමටද වෛද්‍ය එලියන්ත වයිට් මහතා සමත්ව තිබුණා.

පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි සහ තවත් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් විසින් මෙරට ප්‍රධාන ගංඟාවලට පැන්කල දැමීමට වෛද්‍ය එලියන්ත වයිට් මහතා සම්බන්ධව සිටියා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 22 September 2021 22:42