May 02, 2024

ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙයි

September 14, 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා රැසකට හිමිකම් කියන දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනාගත් ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.

සතිපතා පුවතක් වාර්තා කර තිබුණේ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බවයි.

මේ සම්බන්ධව තවමත් ලසිත් මාලිංග සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡාවක් පවත්වා නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පුවත්පත සමඟ පවසා තිබෙනවා.

එම පුවත්පත ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ දේශීය වශයෙන් සිටින දක්ෂ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ඉතාමත් වැදගත් බවත්, එම සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බවයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 14 September 2021 00:13