May 12, 2024

ශ්‍රීලනිප - එජාප හවුල වසර පහකට දිගුවෙයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දික් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(21) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ඒ සඳහා ගිවිසුමට පසුව අත්සන් කරන බව ද ඔහු පැවසීය.

“මේ ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමටයි. එයයි අපේ ප්‍රධාන අරමුණ. අපි එය නැවත සිහිපත් කරගත යුතුයි. කණ්ඩායමකට ඇමැතිකම් ගන්න, පුද්ගල යහපත උදෙසා ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරනවා. අපි මේ ජාතික ආණ්ඩුවේ හැදුවේ රටේ ජනතාවට සේවය කරන්න. එය අපි නැවත නැවත සිහිපත් කළ යුතුයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

එම මාධ්‍ය හමුවට සහභාගී වූ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා පැවසූවේ ආණ්ඩුවට මේවන විට මාස 11ක් ගත වී ඇති බවත් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර ඇති බවත්ය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 July 2016 11:36