May 17, 2024

දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක්

ඊයේ (12) එකම දුම්රිය පීල්ලක ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන්ගත් දුම්රිය 02ක් ගැටී 27දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

දකුණු ඉතාලියේ සිදුවූ මෙම බිහිසුණු දුම්රිය ගැටුමට ගොදුරු වී සුන්බුන් අතර සිර වී සිටින මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වෙමින් පැවතුණි..

අධිවේගයෙන් ධාවනය වෙමින් පැවති මෙම දුම්රිය දෙක ගැටී ඇත්තේ දකුණු ඉතාලියේ 'බාරි' (Bari) නගරය ආසන්නයේ දීය.

කැඩී බිඳී සුණු විසුණු වී ඇති දුම්රිය මැදිරි ඉවත් කිරීමට යෝධ දොඹකර සහ බර එසවීමට පාවිච්චි කරනු ලබන උපකරණ යොදා ගෙන ඇති අතර යුද හමුදා භටයන් ද බේරා ගැනීමේ මෙහෙයුමට සඳහා සහභාගී වී ඇත.

මේ අතර අනතුර සිදුවූ ස්ථානයට පැමිණ ඇති ඉතාලි අගමැති මටියෝ රෙන්ෂි (Matteo Renzi) මහතා එකම පීල්ලක දුම්රිය දෙකක් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ධාවනය වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පවත්වන බවට ප්‍රතිඥාවක් ද දී තිබේ.

මෙම අනතුරට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදු අත්වැරැද්දක් විය හැකිද යන්න සම්බන්ධයෙන් ද විභාගයක් පැවැත්වෙන බව ඉතාලි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 July 2016 16:50