May 07, 2024

සිය ගණනක් සමග බෝට්ටුව ගිලී ගිය හැටි (VIDEO)

පසුගිය දින කිහපය ඇතුලත ඉතාලි මුහුදු සීමාවේ දී ගිලීගිය සරණාගතයින් ගණන 700ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිබියාව හරහා මෙම සරණාගතයින් දිවි පරදිවට තබා පැමිණෙන්නේ යුරෝපයේ දී වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට ලැබේවි යැයි අපේක්ෂාවෙනි.

මොවුන් අතර කුඩා දරුවන් ද සිටින අතර ලිබියාවෙන් පිටත්වන සරණාගතයින් ප්‍රමාණයෙන් අවසානයේ දිවි ගලවාගන්නේ සාපේක්ෂව ඉතා සුළු සංඛ්‍යාවකි.

මෙම වසර ඇතුලත මෙසේ මියගිය සරණාගතයින් ගණන 1500ට ආසන්නවන බව ද වාර්තා වේ.

පසුගිය දා ගිලීගිය සරණාගත බෝට්ටුවක වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිකුත්වීමත් සමග මෙම ගැටළුව පිළිබඳ ලෝක අවධානය වැඩිවශයෙන් යොමු වී ඇති අතර එම වීඩියෝව ඉතාලි නාවික හමුදාව විසින් රූපගත කරන ලද්දකි.

වීඩියෝව පහතින් නරඹන්න > > > 

Rate this item
(2 votes)