May 03, 2024

අකුණු අනතුරු නිසා 50ක් මරුට

අකුණු අනතුරු නිසා පසුගිය සති අන්තයේදී බංග්ලාදේශය තුළ පුද්ගලයන් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙසේ අකුණු වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩි දෙනා ගොවීන් බවත්, ඔවුන් කුඹුරුවල කටයුතු කරමින් සිටියදී මෙම අනතුරුවලට ලක්ව ඇති බවත් වාර්තා වේ.

මීට අමතරව, ඩකා අගනුවර පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටි සිසුන් දෙදෙනකු සහ අඹ ඇහිලිමට ගිය තවත් තරුණයෙක් ද අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අකුණු සහිත කාලගුණික තත්ත්වයන් අතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති රටක් ලෙස බංග්ලාදේශය හඳුනාගෙන ඇති අතර, එය මෙම වසරේදී පෙර වසරවලට වඩා දරුණු වී ඇති බව ද එරට කාලගුණ අංශ සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 May 2016 09:14