April 27, 2024

සමගි බලවේගයේ ලකුණ දුරකථනය - ෆොන්සේකා Featured

අද වන විට එක්සත් ජාතික පකිෂ නායකත්වය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රශ්නයක් ඇති බවත් එම පක්ෂයේ නායක විසින් හුදෙකලාව වෙනම ගමනක් යන්නට උත්සහ දරණ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නැමති පක්ෂයේ ලකුණ දුරකථනය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Last modified on Saturday, 07 March 2020 16:30