April 27, 2024

පියාණන් කතාව නම් ආයෙත් කියන්න එපා: ෆොනිගෙන් නායකයාට උපදෙසක්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිවරයායි.

ඔහු එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට උපදෙසක් ලබා දී තිබෙනවා.

වෙනසක අවශ්‍යතාවය

ඒ සමගි ජන බලවේගය වෙනස් වීමට අවශ්‍ය නම් කල යුතු කරුණක් පිළිබඳව.

ඒ සජිත් ප්‍රේමදාස මහතා "මාගේ සදා ආදරණීය පියාණන්" යැයි සඳහන් කරමින් නිතරම මතක් කරන තම දිවංගත පියාණන් වූ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාව මතක් නොකරන ලෙසටයි.

තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට බදුල්ලේදී මූණටම කියූ බවයි ඔහු සඳහන් කරන්නේ.

යල් පැන ගිය චරිත

ඒ නම් වලින් දැන් වැඩක් නැති බවද තමා ප්‍රේමදාස මහතාට මතක් කර දුන් බවත් ෆොන්සේකා මහතා අනාවරණය කරනවා.

සමගි ජන බලවේගය අලුත්ම ගමනක් හදා ගැනීමට නම් ඔය පරණ දේවල් පාවිච්චි කිරීම නතර කළ යුතු බවයි ෆොන්සේකා මහතාගේ අදහස වන්නේ.

එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ සිටින පැරණි එ.ජා.ප පාක්ෂිකයන් තවමත් රණසිංහ ප්‍රේමදාස මහතාට ගරු කරන බව ප්‍රකට කරුණක්.

රණසිංහ ප්‍රේමදාස චරිතය පිළිබඳව යම් මට්ටමකට අවබෝධය අඩුව තිබෙන්නේ 90 දශකයෙන් පසු ඉපදුනු පරම්පරාවටයි.

Rate this item
(2 votes)
Last modified on Monday, 31 January 2022 11:13

Related items