April 28, 2024

සජිත් මට කියන්න කිව්වා : ෆොන්සේකා හෙලි කල රහස

December 04, 2021

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (3) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශ කාරක සභාවේ ශීර්ෂ විවාදයට එක්වෙමින් ජාතික ආරක්ෂාවේ වැදගත් අංශ කිහිපයක් පිළිබඳව කතා කළා.

එහිදී ඔහු එල්ටීටීඊ සංවිධානය මහ විරු දිනය සැමරීම පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළා.

හෙලි කල රහස

ෆොන්සේකා මහතා එසේ කරුණු ඉදිරිපත් කළේ ඉතා වැදගත් කරුණක්ද හෙළිදරව් කරමින්.

ඒ සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ තමන්ට හිමිවන වගකීම සම්බන්ධයෙන්.

තමා අද මහවිරු දිනය ගැන කරන ප්‍රකාශය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය මත කරන්නක් බව ෆොන්සේකා මහතා සඳහන් කළා.

එම කතාව කිරීමේදී කළ යුතු ප්‍රකාශයක් ගැන සජිත් ප්‍රේමදාස මහතා තමන්ට උපදෙසක් දුන් බවත් ඔහු පෙන්වා දුන්නා.

අනාගත ආරක්ෂක ඇමති

ඒ සමග ජන බලවේග ආණ්ඩුවක් තුළ තමාව ආරක්ෂක ඇමති කරන බවට තමන් ප්‍රකාශ කළ බව සඳහන් කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කළ උපදේශයයි.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් ආරක්ෂක ඇමතිවරයා ලෙස තමාට මේ දේවල් නතර කිරීමට හැකියාව ලැබෙන බව සදහන් කරන ලෙසත් ප්‍රේමදාස මහතා තමන්ට පැවසූ බවත් ඔහු අනාවරණය කළා.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් නුදුරේම අනිවාර්යෙන්ම එන බව සදහන් කළ ෆොන්සේකා මහතා එහිදී ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පමණක් නොව තමන්ගේ පැත්තේ වුවත් වැරද්දක් කළ අයෙක් සිටිනම් අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙන බවත් ප්‍රකාශ කලා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 03 December 2021 21:29